" තණකොල කපන අක්කා ඡන්දයට එද්දි දඹානෙන් වැඳි තරුණියක් " 25%ක කාන්තා නියෝජනයෙන් හැඩ වූ මෙවර මැතිවරණයේ අපූරු තැන් .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

" තණකොල කපන අක්කා ඡන්දයට එද්දි දඹානෙන් වැඳි තරුණියක් " 25%ක කාන්තා නියෝජනයෙන් හැඩ වූ මෙවර මැතිවරණයේ අපූරු තැන් .!

මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය මින් පෙර පැවති මැතිවරණයන්ට වඩා සුවිශේෂය. එනම් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන සෑම දේශපාලන පක්ෂයකටම සහ ස්වාධීන කණ්ඩායමකටම සිය අපේක්ෂක ලයිස්තුවේ 25%ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර තිබීමයි.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපූරු අපේක්ෂිකාවක් පිළිබදව වාර්තා වෙනවා. මෙවර මැතිවරණයට මහියංගණය, දඹාන වැදි ජනතාව වෙනුවෙන් හේනානිගල වැදි පරපුරේ තරුණියක් තරග වදින බව වාර්තා වෙනවා.  මෙම සුවිශේෂි අපේක්ෂිකාව පිළිබදව පවසන්නේ දඹාන වැදි නායක උෟරුවරිගේ වන්නියලැත්තන් ය. 

මේ බව කියමින් වැදි නායකයා පැවසුවේ ඉදිරියේ පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින වැදි ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුව නියෝජනය වන පරිදි තම වැදි පරපුර වෙනුවෙන් හඬක් නැඟීමට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

එහිදි දඹාන වැදි නායක උෟරුවරිගේ වන්නියලැත්තන් කියා සිටියේ 

"මෙතෙක් කල් පැවැති සහ වර්තමාන දේශපාලන ක්‍රමය තුළින් වැදි ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණදීමට සිදුවූ විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් ලැබුණේ නැහැ. පළාත් පාලන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනය වන පරිදි ඉදිරියේදී තම වරිගයේ ඇත්තන් ඒ ස්ථානවලට යැවීමට තීරණය කර තිබෙනවා. 

එසේ කිරීමට හේතු වන්නේ ලෝකයේ සිටින ආදිවාසීන් තම වරිගයේ ඇත්තෝ එදා මෙදා කාලය තුළ දෛනික ජීවිකාව සරිකර ගත්තේ පරිසරය තුළින්ය. නමුත් වර්තමානයේ රටේ නීතිරීති ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නීති දමා තිබිණි. වෙනත් පුද්ගලයන් හට රිසි පරිදි වනාන්තර සහ ගහකොළ සතා සිවුපාවා විනාශ කිරීමට ඉඩ දී ඇති බවත්ය "

මේ අතර සමාජජාලා වෙබ් අඩවි වල හුවමාරුවන තවත් අපූරූ අපේක්ෂිකාවකගේ ඡන්ද බැනරයක් අපට හමු වුණා. 25%ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමෙන් කිසිදා දේශපාලනයට පැමිණීමට නොහැකිව සිටි කාන්තාවන් දේශපාලනයට පැමිණීම ඉතාමත් ප්‍රගතශීලී නැඹුරුවක් බව මෙම ඡායාරූපය පිළිබදව සමාජජාලා මාධ්‍ය වල අදහස් පලව තිබුණා.



No comments:

Post a Comment

Post Bottom Ad