ස්විස් කුමාර් අැතුළු විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 27, 2017

ස්විස් කුමාර් අැතුළු විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම


අද යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ  සිව්ස් කුමාර් අැතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම දිය යුතු බවයි.

පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන්නටත් ඔහු කටයුත කළා. එම නඩුව වව්නියාව
මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි. ත්‍රිපුදගල මඩුල්ල ඒකමතික තින්දුවක් ලෙසින් එය ප්‍රකාශයට පත් කරනු ලැබූහ.

මරණ දණ්ඩනයට අමතරව ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කර තිබේ.‍ 2015 වසරේ මැයි මස 13 වනදා යාපනය - කයිට්ස් - පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ  නඩු පවරා තිබුණි.

අධිකරණ ඉතිහාසයේ පළමුවරට යාපනය මහාධිකරණයේදී ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි. ස්විට්සර්ලන්තයේ අලෙවියට කාම චිත්‍රපටයක් නිපදවීම සඳහා විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය  අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි. ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ 7 දෙනාම මරාදමන්නට නියම කරමිනි.

මෙම නඩුව විභාග වන කාලයේදී විනිසුරුවරයාට එරෙහිව ප්‍රහාර දියත්වීම,දේශපාලනඥ බලපෑම්, මුදල් ගෙවා විනිසුරන් බිලීබාගැනීමට තැත් කිරීම ඇතුළු අයථා ක්‍රියා රැසක් වාර්තාවූ නමුත් අවසානයේ වරදකරුවන්ට දඬුවම නිසි ලෙස ලැබුණ බව පැමිණිලි පාර්ශ්වය සතුටින් දන්වා තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad