නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් ඊයේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබුණි. ඔහු එම බෝඩිමේ ටෙලි ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු සමග එක්ව වාසය කරමින් සිට ඇති අතර ඊයේ අනෙක් අය වැඩට යද්දී තමාට අසනීප ගතියක් ඇතැයි දක්වමින් ඔහු එම නිවසේ තනිව රැඳී තිබේ.
ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ඊයේ උදේ ඔහුට වේලාවක් වෙන් කර තිබුණ නමුත් ඒ අයට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ උණ රෝගයෙන් සහ, තද බල හිසරදයක් තිබෙන බවත් රූ ගත කිරීම හෙට දිනයට කල් දමා දෙන ලෙසත්ය. මිතුරන් යනතුරු සිටි ඔහු කාමරයේ විදුලි පංකාවේ ලණුවක එල්ලී මියගොස් සිටියේය. මියයන්නට පෙර සිය මරණය වීඩියෝ ගත කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකථනයද ඔහු සිටි ස්ථානය දෙසට හරවා ක්‍රියාත්මක කර තිබුණ බව පොලිසිය සඳහන් කළා.
එසේම මරණයට කිසිවෙකු වගකිව යුතු නැති බවත් පෙම්වතියගේ වෙනස්වීම දරාගත නොහැකි බවත් දක්වමින් ලිපියක්ද ලියා තිබී හමු විය. ඔහුගේ ජංගම දුරකථන වීඩියෝව පරීක්ෂා කළ පොලිසියට ඔහු විදුලි පංකාවට ලණුවේ ගැටය දමා සිය ගෙලට අනෙක් පස තොණ්ඩුව දමා තත්පර 30ක කාලයක් කල්පනා සහගතව සිටින අයුරත්
ඉන් අනතුරුව ඔහු ගෙල සිරවන ආකාරයට බිමට පැන ඇති අයුරුත් පෙන්නුම් කර තිබේ. නමුත් මුල් අවස්ථාවේදී ඔහු බිම ඇද වැටී වෑයම අසාර්ථක වී තිබේ. එහෙත් දෙවැනි වර නැවත තොණ්ඩුව දමා ඔහු ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.
ඔහුගේ මරණය සිදුවී පැය කිිහිපයක් යනතුරු කිසිවෙකු ඒ ගැන දැන සිට නැත. දහවල් කාලයේ පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට ආ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු සිටි බෝඩිමට ඔහු හමුවීමට පැමිණි අවස්ථාවේ බෝඩිමේ දොරගුළු වසා තිබීම ගැන සැකයට ජනේලයක් මෑත් කර බැලීමේදී ඔහු විදුලි පංකාව යට ඇද වැටී සිටි අයුරු දැක පොලිසියට දැන්වීමෙන් පසු මරණය පිළිබඳ කරුණු අනාවරණය විය. නිට්ටඹුව තිහාරිය ගම් පළාත කරගත් දසුන් නිශාන් මිය යන විට 29 වියේ පසුවූයේය. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වුවද ඔහු පසුව තොරතුරු තාක්ෂණ විෂයට ඇළුම් කළ අතර ඔහු කොළඹ සරසවියේ BIT උපාධිය ලබාගෙන මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.
අනතුරුව නිරූපණ ශිල්පයට ආසා කළ ඔහු එයින්ද සමුගෙන ටෙලි නාට්‍ය වෙත ආවේය. මියයන විට ටෙලි නාට්‍ය 13 ක් චිත්‍රපටයක් හා වේදිකා නාට්‍යයකටද ඔහු සම්බන්ධවී සිටියේය. ධනවත් පවුලක වැඩිමලා වූ ඔහුට බාල සහෝදරයෙකුද සිටියේය. ඔහුගේ මව පියා දෙදෙනාම සිවිල් ඉංජිනෙක්රුවන් වූ අතර කාලයක් තිස්සේ ඔවුන් වාසය කළේ කැනඩාවේය. ඊයේ ඔහුගේ මරණය ආරංචි වූ පසුව ඔහුගේ මව නිට්ටඹුවේ සිට ඔහු බැලීමට පැමිණි අතර ඒ සමගම ඔහු විවාහ ගිවිස ගෙන සිටි බව කියන ගුරුවරියද හැඬු කඳුලින් යුතුව ඔහු බලන්නට ආවාය.
ඔහු දිවි නසාගැනීමට නිශ්චිත හේතුව දන්නේ ඒ ගුරුවරියත් ඔහුත් පමණි. ඔවුන් අතර ඇතිවූ විරසකයක් හෝ අන් අය කරා යාමක් මෙම අවාසනාවන්ත ප්‍රතිඵලයට හේතුවී ඇති බව හඳුනාගත හැකිය. ඊයේ පොලිසිය මගින් සිරර හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුගේ දේහය හෝමාගම රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කරන්නට කටයුතු කළ අතර මරණ පරීක්ෂණ ආදිය නිමවීමෙන් පසු නිට්ටමුව තිහාරිය, උසාවිය ඉදිරිපිට කත්තොට පාර නිවසට අද (26) රාත්‍රී දේහය රැගෙන යනු ඇත. අවසන් කටයුතු සිදුවන්නේ, නිට්ටඹුවේදීය.
Tuesday, September 26, 2017
දසුන් නිශාන්ගේ මරණය ඔහුම රූගත කරලා ටීචර් පෙම්වතියගේ වෙනස්වීම දරාගන්න බෑ - ලිපියක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment