‘මෙන්න හොරා පැනල යනෝ.. හූ.. හූ..’- ආණ්ඩුවේ ඇමතිට ජනතාව හූ තියා පන්නා දමති.. තව පොඞ්ඩෙන් ගුටි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 26, 2017

‘මෙන්න හොරා පැනල යනෝ.. හූ.. හූ..’- ආණ්ඩුවේ ඇමතිට ජනතාව හූ තියා පන්නා දමති.. තව පොඞ්ඩෙන් ගුටි..

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍ය අධිවේගයේ මාර්ග කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් වූ සාකච්චාවක් එම කොටසට මායිම් වන ජනතාව හා බලධාරීන් අතර ඊයේ පැවැත්වින.

ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සම්බන්ධ වූ අතර එහිදී ඉතා උණුසුම් තත්වයක් ඇති විය. තත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා නියෝජ්‍ය ඇමතිවරයා පොලිස් ආරක්‍ෂාව යටතේ එම ස්ථානයෙන් ඉවත් වූ අතර ජනතාව ‘මෙන්න හොරා යනෝ’ යයි කියමින් හූ තැබූහ.

මුලින් කණු මත ඉදිකිරීම්ට සැලසුම් කර තිබූ මෙම මාර්ගය නව ආණ්ඩුව යටතේ පස් වුරවා ඉදිකිරීමට සූදානම් වීම ගැන ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධය පල කරති.

No comments:

Post a Comment

Post Bottom Ad