ශීත කළ මිනිස් අපද්‍රව්‍ය වැස්සක් – මිනිසුන් රැසකට බරපතල තුවාල – Photos - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

ශීත කළ මිනිස් අපද්‍රව්‍ය වැස්සක් – මිනිසුන් රැසකට බරපතල තුවාල – Photos

හවායි වෙරළ තීරයේ නැංගුරම් ලා සිටි මගීන්ට අතිශය අප්‍රසන්න සහ පුදුම සහගත සිදුවීමකට අද උදෑසන මුහුණපාන්න වෙලා තියෙනවා. ඒ ශීත කළ මිනිස් අපද්‍රව්‍ය අහසේ සිට බිමට පතිත වීමයි. තායිවානයේ ගුවන් යානයක් වන EVA Air ගුවන් යානයට අයත් බෝයිං 777 ගුවන් යානය ජපානයෙන් හවායි සිට ගමන් කරමින් සිටියදී මෙලෙස මිනිස් මිනිස් අපද්‍රව්‍ය බිමට පතිත වී ඇත්තේ. අවාසනාවකට මෙම ගුවන්යානය පැසිෆික් සාගරයට ඉහළින් ගමන් කරන අවස්ථාවේදී ගුවන්යානයේ වැසිකිළි ටැංකි මුදා හැර තිබෙන්නේ අදාළ නෞකාව තිබෙන ස්ථානයටයි. 

ඒ වෙලාවේ ඉහළින් පිහිටි උඩුමහලේ මඟීන් සිය ගණනක් සිට ඇති අතර බොහෝ දෙනෙක් අයිස් මිසයිල ප්‍රහාරවලට ලක්වී තිබෙනවා. ඉතින් මේ සිද්ධියෙන් මගීන් 23 දෙනෙකුට බරපතල ලෙස තුවාල ලබා ඇති නමුත් ඉන් 18 දෙනෙකුට නෞකාවේ වෛද්‍ය කාර්යමණ්ඩලය එක්වී ඉතාමත් ඉක්මනින් මේ අයට අවශ්‍ය ප්‍රතිකාර කර තිබෙනවා. මෙම නැංගුරම් ලා තිබූ නෞකාව ඉන්පසු හවායි වෙත යළි හරවා යවාද තිබෙනවා. අදාළ සිද්ධියෙන් 25 හැවිරිදි ජේසන් මැතිව්ස් නම් පුද්ගලයාට අයිස් කුට්ටි 12 ක් වැදී ඇති අතර ඔහු දරුණු කම්පනයකටද ලක් වී තිබෙනවා. 

ඔහුට තවමත් සිද්ධිය ගැන මතකයක් නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ සිද්ධිය නිසා පැසිෆික් සාගරයේ හිමිකරුවන්, තායිවානයේ ගුවන් සමාගමට විරුද්ධව නඩුවක් ගොනු කරන බවටද කියා තිබෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව, වැසිකිළි කසළ දැමීම නීතිවිරෝධී වන බවත් මේ නිසා EVA ගුවන් සමාගමට දඩ ගෙවන්නට සිදුවිය හැකි බවත් දැක්වෙනවා. මෙවැනි සිද්ධියක් නිසා 2016 වර්ෂයේදී ඉන්දියාවේ ගුවන් සමාගමකටද ඉන්දියානු රුපියල් පනස් දහසක් නියම වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad