අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනයේ මුරපදය ලබා දෙන්නැයි බැඳුම්කර කොමිසමෙන් නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනයේ මුරපදය ලබා දෙන්නැයි බැඳුම්කර කොමිසමෙන් නියෝග

අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනයේ මුරපදය ලබා දෙන්නැයි බැඳුම්කර කොමිසමෙන් නියෝග
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා 2016 වසරේ ඔක්තෝම්බර් සිට භාවිත කළ ජංගම දුරකථනයේ මුරපදය සහ එහි පරිශීලක නාමය ලබාදෙන ලෙස ප්‍රශ්න ගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද(28) නියෝග කළේය.

එම තොරතුරු කොමිසමට ලබාදීම අර්ජුන් ඇලෝසියස් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම නියෝජනය කරන නීතිඥයන් කොමිසම හමුවේ කියා සිටියේ එමගින් පසුගිය අප්‍රේල් 27 වනදා සිට ජූලි 25 වනදා දක්වාම එක්රැස් කර ගත් සියලූ සාක්ෂි නීති විරෝධී බවයි. අදාළ සාක්ෂි එක්රැස් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් බලයක් ලබාදී නොමැති බවට ඔවුන් කරුණු ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad