පොළවේ ඉරි තැලූ තැන්වලට මැටි ගසයි - බණ්ඩාරවෙල ජනතාව නොසන්සුන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

පොළවේ ඉරි තැලූ තැන්වලට මැටි ගසයි - බණ්ඩාරවෙල ජනතාව නොසන්සුන් (VIDEO)

පොළවේ ඉරි තැලූ තැන්වලට මැටි ගසයි - බණ්ඩාරවෙල ජනතාව නොසන්සුන් (VIDEO)
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් අද (28) උදෑසන බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය ස්ථාන දෙකකින් අවහිර කරමින් විරෝධතාවයක නිරත විය. දික්අරාව සහ බිඳුණුවැව පීල්ල මංසන්ධියෙන් මාර්ගය අවහිර කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වීම නිසා එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව සඳහන් වේ.

බදුල්ල බණ්ඩාරවෙල දියතලාව ආදී ප්‍රදේශවලට ඊයේ ඇඳහැලුණු වර්ෂාවත් සමඟ බදුල්ල දික්අරාව ප්‍රදේශයේ ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් කිහිපයක් ඉවත් කිරීමටද පියවර ගනු ලැබිණි. අනතුරුව ඔවුන් රඳවනු ලැබුවේ බණ්ඩාරවෙල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේය. බිඳුණු වැව පීල්ල මංසන්ධිය අසලදී ප්‍රදේශවාසීන් අද විරෝධතාවයේ නිරත වුයේ තම ගැටලුවට බලධාරීන්ගේ අවධානය යොමු නොවූ බව පවසමිනි.

දික්අරාව ගම්මානයේ ජනතාව මේ තත්වය නිලධාරීන්ට කියා ඇත්තේ ඉරි තලා ඇති භූමියද පෙන්වමින් වන අතර එම බලධාරීන් පවසා ඇත්තේ බිය විය යුතු නැති බවත් ඉරි තැලූ තැන්වලට මැටි දමන ලෙසත්ය. එම අවස්ථාවේ උද්ඝෝෂණය කළ අය හා බලධාරීන් අතර උණුසුම් තත්වයක් ඇති විය.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad