GMOA වර්ජනය අත්හරියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

GMOA වර්ජනය අත්හරියි

GMOA වර්ජනය අත්හරියි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ අද (25) සිදු කළ  සාකච්ඡාවෙන් පසුව සංකේත වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් කිරීමට එම සංගමය තීරණය කොට ඇත.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන් මෙම සංකේත වර්ජනය පැවැත්විය. මෙම වර්ජනය අද පස්වරු 4 ට අවසන් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සාගල රත්නායක අමාත්‍යවරයා සමඟ පැවති  සාකච්ඡාවෙන් අනතුරුව රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණයට එළඹ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad