ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පැවැත්විනි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති මෙම හමුවේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල විශේෂඥ දැනුම හා අත්දැකීම් වෙනත් රටවල් සමඟ හුවමාරු කර ගැනීම හා ආරක්‍ෂක අංශයේ විදේශ පුහුණුවීම් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යෑම ආදී කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමය. එමෙන්ම උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී ආරක්‍ෂක අංශවල දායකත්වය කෙසේ වියයුතුද යන්නත් මෙහිදී අවධානය යොමු වූ තවත් කරුණකි.
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් ජාත්‍යාන්තරයේ වැරදි ප්‍රතිරූපයක් ඇත්නම් එය නිවැරදි කළ හැක්කේ කුමන ආකාරයටද යන්නටත් මෙහිදී අවධානයට යොමු විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල ගෞරවය, සුරක්‍ෂිතතාවය, එමෙන්ම රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂාවන ආකාරයෙන් කටයුතු කිරීම සදහා ගතයුතු පියවරයන් මෙන්ම ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න මෙහිදී අවධානයට ලක් විය.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ මඟපෙන්වීම මත ජාත්‍යාන්තරය දිනා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රටේ මානව හිමිකම් ආරක්‍ෂා කර ගැනීම හා රටක් ලෙස ඊට මුහුණදිය යුත්තේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරිනි. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලු ජාතින්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ආරක්‍ෂක අංශවල වගකීම හා දායකත්වය මෙන්ම එය ශක්තිමත් කිරීම සඳහා බාධක ඇත්නම් එය හදුනා ගැනීම පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි.

No comments:
Post a Comment