උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙහි අතුරුදන් වූවන් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. අදාළ ගැටලුව උග්‍ර අතට පත්ව ඇති බැවින් ඒ පිළිබඳව කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂ නායකවරයා අදාළ ලිපිය යොමුකර ඇති බව වාර්තා වේ.
උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන්ගේ පවුල්වල ගැටලු පිළිබඳ අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මෙම ගැටලුවට විසදුමක් ලබා දීම සඳහා රජයට වගකීමක් පවතින බවත් ඒ සඳහා රජය මේවන විටත් එකඟතාව පල කර ඇති බවත්ය. එම නිසා කඩිනමින් අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව විසදීම සඳහා වැඩසටහනක් සකස් කරන ලෙස සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

No comments:
Post a Comment