හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය

හම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා වන කැබිනට් පත‍්‍රිකාවට අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය තුලදීම කරුණු හතක් යටතේ විරෝධය පල කර ඇත.

යෝජිත ගිවිසුම නීතී විරෝදී බවත් වරාය අධිකාරී පනත යටතේ වරායක් විකිණීම හෝ බදු දීමට වරාය අධිකාරියට බලයක් නැතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා මෙම ගණුදෙනුව වාණිජමය ගණුදෙනුවක් නොව ඉන් එහා ගිය දේශපාලන ගනුදෙනුවක් බවද පෙන්වා දී ඇත. ‘චීන රජය විසින් මෙම වරාය අයිති කර ගැනීමත් සමග ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය අප සමග ගැටුම් ඇති කර ගනීවි. 99 අවුරුදු බද්දක්කට දීම යනු පරම්පරා හතරක් ගතවන තුරු අපට වැඩක් නෑ. 


අපි මේකට පිහිණුම් තටාකයක් කිවුවත් දැන් මේක චීනයට ගත්තායින් පසු කොළඹට එන නැවුවලින් 90%ක් නතර වෙනවා. එදාට කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා. හම්බන්තොට චීන කොලනියක් වෙන එක වලක්වන්න බෑ’ ආදී වශයෙන් දීර්ග ලෙස ඇමතිවරයා සිය විරෝධය පල කර ඇති අතර ඇමති මණ්ඩලයේ සියළු දෙනාම පාහේ එම අදහස් දැක්වීමට විරෝධතාවය පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad