මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමට රජයට බලකරමින් දිවයින පුරා මහජනතාව විසින් පවත්වන විරෝධතා ව්‍යාපාර දිනෙන් දින දැඩි වෙමින් පවතින මොහොතක රජය එම සයිටම් ගැටලුවට පිළිතුරු ලබා දෙනවා වෙනුවට එම විරෝධතා දක්වන වෘත්තීය සමිති, සිසු නායකයින් මර්ධනය කිරීමේ සැලසුමක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙනවා.
පසුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් මුල්කරගනිමින් සිසු නායකයින් දඩයම් කරමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දැනට දින කිහිපයකට ඉහත රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිවුවන වසරේ සිසුවෙකු මාතර නගරයේදී පැහැර ගැනුණු අතර තවත් සිසුන් සිවුදෙනෙකු පැහැර ගැනීමට ආයුධ සන්නද්ධව පැමිණීමේ සිදුවීමක් රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය අසලදී සිදුව තිබෙනවා.
එම සිදුවීමේ දර්ශන අසල තිබු CCTV කැමරාවකද සටහන් වී තිබෙනවා. අද (28) දිනයේද රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ සභාපති වීරසුරිය ආරච්චිගේ ලහිරු සහෝදරයා තම අධ්‍යන කටයුත්තක් සඳහා දික්වැල්ල ප්‍රදේශයට ගොස් සිටියේදී දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතර උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
Saturday, July 29, 2017
රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ සභාපති බන්ධනාගාරයට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment