ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බේසොස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බේසොස්

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් ඇමසන් සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉ-වාණිජ ක්ෂේත්‍රයේ හා ක්ලවුඩ් පරිගණක සමාගමක් ලෙස ප්‍රකට ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4 ඉක්මවා යෑමත් සමඟ ඔහු ලොව අංක එකේ ධනවතා බවට පත්ව ඇති බව ෆෝබ්ස් වාර්තා පවසයි. ඇමසන් සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස්ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෙෆ් යනු දශක දෙකකට අධික කාලයක් ලෝකයේ ධනවතුන් ලැයිස්තුවේ ඉහළින්ම සිටි අයෙකු වන අතර පසුගිය වසර දෙක තුළ ඔහුගේ වත්කම්වල කැපී පෙනෙන වර්ධනයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

No comments:

Post a Comment

Post Bottom Ad