පාඩු ලබන මත්තල ගුවන් තොටුපොල සම්බන්ධයෙනුත් මෙම වසර අවසන් වීමට පෙර ගිවිසුමක් ඇති කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහ බැංකුවේ, John Exter ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේය.හම්බන්තොට මාගම්පුර වරාය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය.
එහිදී අගමැතිවරයා කියා සිටියේ එමගින් රටේ ණය බර අඩුකර ගැනීමට පිටුවහලක් වන බවයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑං ලියැං හා වරයා ඇමැති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ගිවිසුම අත්සන් කිරීම සිදුවේ. ඒ අනුව වසර 99ක් සඳහා මාගම්පුර වරාය බදු දීමට නියමිත අතර එමගින් එකඟවී ඇති ආයෝජන වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 1.12කි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ද මෙම විශේෂ මාධ්‍ය හමුවට එක්ව සිටියේය.
Saturday, July 29, 2017
මේ වසර නිමවීමට පෙර මත්තලත් චීනයට
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment