ඩයස්‌පෝරාවේ ඩොලර් කඳු ජිනීවා බැංකුවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

ඩයස්‌පෝරාවේ ඩොලර් කඳු ජිනීවා බැංකුවක

කොටි ජාත්‍යන්තර ඩයස්‌පෝරාව සතු ඩොලර් මිලියනයක අතිවිශාල මුදලක්‌ ජිනීවා නුවර ඉහළ පෙළේ බැංකුවක ඇති බව අනාවරණය වී තිබේ. කොටි ජාත්‍යන්තර ජාලයේ හිටපු ප්‍රධානි කේ. පී. මේ බව මෙරට ආරක්‍ෂක බලධාරීන්ට හෙළිකර තිබූ අතර එම මුදල් ගැන තොරතුරු සෙවීමට රජයේ බලධාරීන් ක්‍රියාකර නැත.

මෙම ඩොලර් මිලියනයක ගිණුමේ හිමිකරුවන් ජිනීවා සහ සූරිච් නුවර සිටින බව හෙළිවී ඇත. ආරංචි මාර්ග දක්‌වන්නේ ස්‌විස්‌ කොටි ජාලයේ නව ප්‍රධානියා වන අබ්දුල්ලා නමැත්තා මේ කොටි ගිණුමේ හිමිකරුවන් දන්නා බවයි. ස්‌විස්‌ රජය අබ්දුල්ලා අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කිරීමෙන් පසු මුදාහැර ඇත. මෙම ගිණුමෙන් ලබාගත් මුදල් අවි ආයුධ මිලයට ගැනීමට ඩුබායි වෙත යෑවූ බවට ස්‌විස්‌ පෙඩරල් පොලිසියට තොරතුරු හෙළිවී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad