හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" සමග ඇතිකර ගැනීමට යන අනුග්‍රාහක ගිවිසුමට අද (29) අත්සන් තැබීමට නියමිතය. මෙම ගිවිසුම ඊයේ (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමැතිය ලබාගෙන තිබේ.
හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී අද (29) අත්සන් කිරීමට නියමිත බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී අගමැතිවරයා කියා සිටියේ එමගින් රටේ ණය බර අඩුකර ගැනීමට පිටුවහලක් වන බවත් ඉදිරියේ දී මත්තල ගුවන්තොටුපොළ ගැන ද ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑං ලියැං හා වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ගිවිසුම අත්සන් කිරීම සිදුවේ. ඒ අනුව වසර 99ක් සඳහා මාගම්පුර වරාය බදු දීමට නියමිත අතර එමගින් එකඟවී ඇති ආයෝජන වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 1.12කි.

No comments:
Post a Comment