වරාය සේවකයින්ගේ ගැටළු බොහෝමයකට විසඳුම් හිමිවීම හේතුවෙන් ඔවුන් ඉතාමත් සතුටුදායක මට්ටමක සිටින බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආරියදාස පතිරණ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (28) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
කොළඹ වරායේ සිදුවන ක්‍රියාවලියම හම්බන්තොට වරායේ ද සිදුවන බවත් වාහන ප්‍රතිනැව් ගත කිරීමේ ව්‍යාපෘතිය හම්බන්තොට වරායට ගෙන යන ලද්දේ හම්බන්තොට වරායට නැව් එන බව පෙන්වීමට බවත් හෙතෙම සඳහන් කළේය. කොළඹ වරායේ සේවකයන්ගේ වරප්‍රසාද සියල්ල ලබා දීමට නම් ණය බරින් පීඩිත හම්බන්තොට වරාය සුබවාදීව සංවර්ධනයට අත දිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති කපිල රාජපක්ෂ මහතා පැවසී ය.
කෙසේ වෙතත් ඊයේ (28) ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අගමැතිවරයා සඳහන් කළේ පෙ.ව 09.30ට වරාය හා නාවික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හම්බන්තොට වරාය ගිවිසුම අස්සන් තැබෙන බවත්, එමඟින් රටේ ණය බර අඩුකර ගැනීමට පිටුවහලක් වන බවත්ය.

No comments:
Post a Comment