සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරු කොළඹට රැස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරු කොළඹට රැස්වෙයි

සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරු කොළඹට රැස්වෙයි
06වන සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ගල්කිස්ස හොටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන ඡ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගේ රැස්වීම පෙරේදා (27) ආරම්භ වූ අතර එම රැස්වීම ඊයේ (28) දිනයේ ද පැවැත්වෙයි.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංව්ධානය 1985 වසරේ පිහිටුවන ලද අන්තර්ජාතික සංවිධානයකි.ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එහි සාමාජික රටවල් වේ. මෙම සංවිධානයේ අරමුණ වන්නේ ජනතාවගේ සුබසාධනය නගා සිටුවීම හරහා ජීවිතවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි.ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන සාර්ක් සාමාජිකත්වය මහජන සෞඛ්‍ය, රෝග වැළැක්වීම සහ වඩාත් හොඳ ගුණයෙන් යුතු ජිවිතයක් ජනතාවට ලබා දීම යන කරුණු මත පිහිටා කටයුතු කරයි. 

මෙම වසරේ දී කලාපීය වැදගත්කමකින් යුත් සෞඛ්‍ය ගැටළු මෙහිදී සාකචිඡා කිරීමට නියමිතය.බෝනොවන රෝග, පෝෂණය, සනීපාරක්ෂාව, වාහක රෝග, ක්ෂය රෝගය, එච්.අයි.වී රෝගය අතුලු තවත් කරුණු ගණනාවක් ඊට ඇතුලත් වෙයි. මෙම රැස්වීමේ දී කොළඹ ප්‍රකාශනය හදුන්වා දීමට ද නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad