'77 පෙරළියට 40 යි'ප්‍රදර්ශණයේ රනිල්ගෙ දෑක්මට ගියේ එකම ප්‍රදර්ශණ කුටියක් කියලා යන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

'77 පෙරළියට 40 යි'ප්‍රදර්ශණයේ රනිල්ගෙ දෑක්මට ගියේ එකම ප්‍රදර්ශණ කුටියක් කියලා යන කතාව

'77 පෙරළියට 40 යි'  ප්‍රදර්ශණය ඊයේ (27) පස්වරුවේ ජාතික තරුණ සේවා සභාවේ දී ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

77 පෙරළියට 40 යි" හෙට දිනන පෙර දැක්ම විශේෂ ප්‍රදර්ශනයට සමඟාමීව පවත්වනු ලබන ගෙවී ගිය හතලිස් වසර රට තුළ ඇතිවු ආර්ථික විප්ලවය හා රජයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව සියළුම අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන  කුටි නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (27) සවස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වුණා.

මෙම අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා. මෙහිදී ගරු අග්‍රාම්තා‍යවරයාගේ අවධානය නිතැතින්ම යොමු වූයේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් ගෙවී ගිය හතලිස් වසර රට තුළ ඇතිවු ආර්ථික විප්ලවය හා රජයේ අනාගත ඉදිරි දැක්ම පිළිබඳව මැනවින් දක්වා තිබූ ප්‍රදර්ශන කුටිය වෙතයි.

එහි තිබූ දැඩි ආකර්ශනීය බව මෙන්ම ඓතිහාසික වටිනාකමද එහි පැමිනි සිටි සෑම මැති ඇමතිවරයෙක්ම ප්‍රශංසා මුඛයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මැතිතුමා වෙත පළ කර සිටියා. ජාතික තරුණ සේවා සභාවේදි පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය  ජුලි මස 30 දක්වා පැවැත්වෙනවා.








No comments:

Post a Comment

Post Bottom Ad