FCID පැමිණිලි 89ක විමර්ශන අවසන් - 56ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

FCID පැමිණිලි 89ක විමර්ශන අවසන් - 56ක් අත්අඩංගුවට

FCID පැමිණිලි 89ක විමර්ශන අවසන් - 56ක් අත්අඩංගුවට

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මේ වන විට පැමිණිලි 335ක් ලැබී ඇති බවත් එයින් 89 ක විමර්ශන කටයුතු අවසන් කොට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කාලේ ඊයේ  (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මහාධිකරණයේ නඩු පවරා ඇති බවත් එමෙන්ම තවත් ගොනු 115 ක් විමර්ශන අවසානයේ වසා දමා හෝ වෙනත් ආයතන වෙත යොමු කර ඇති බවත් පැමිණිලි 131ක් විමර්ශනය කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට පැමිණිලිවලට අදාළව සැකකරුවන් 56ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 10ක් අධිකරණය වෙත භාර වී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

මුදල් විශුද්ධිකරණය කිරීම් වැනි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමේ දී විදේශ සහය ලබා ගත යුතුවන බවත්  මේ වන විට රටවල්  25කින් එවැනි ඉල්ලීම් 86ක් සිදු කර ඇති අතර ඉන් 39කට ප්‍රතිචාර ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් පවතින සංකීර්ණභාවය මෙන් ම විදේශ සහාය ලබාගැනීම, නිලධාරීන් පුහුණු කිරීම වැනි කටයුතු හේතුවෙන් විමර්ශන කටයුතු යම් පමණකින් ප්‍රමාද වන බවත් නමුත් හැකි ඉක්මනින් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහා පරිමාණ මූල්‍ය අපරාධ හා අවශ්‍ය ව්‍යාපෘතීන් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015 පෙබරවාරි 13 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඇති කොට ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad