දරුවන් නිදැල්ලේ සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් ගැන දෙමව්පියන්ට සොයාබලන්නට ඉඩක් නොලැබීම මත සිදුවූ අවාසනාවන්ත අනතුරකින් අනුරාධපුර ප්‍රදේශයේ 9 හැවිරිදි දරුවෙකු මරු වැළඳගත් පුවතක් වාර්තාවෙයි.
කහටගස්දිගිලිය රන්පත්විල ඇල්ලවැව ගම්මානයේ විසූ දෙනෙත් ඉඳුවර නමැති මේ දරුවා මිය ගොස් තිබුනේ පේර ගසක ගෙඩි කඩන්නට යාමේදී එක්වරම ගසින් වැටීමේදී ගසේ අතුදෙකක් අතර කොටසක ගෙළ සිරවීමෙනි.
දරුවා පාසල් ඇරී නිවසට ආ පසුව වෙනදා මෙන් පුරුද්දට වත්ත පහළ ඇවිදීම ගස්වලින් ගෙඩා කඩා කෑම සිදු කර තිබුණ බවත් ඔහු ගැන විශේෂයෙන් සොයා බලන්නට උනන්දු නොවුණ දෙමාපියන් හේනේ වැඩට ගොස් තිබුණ බවත් කියැවුණ අතර ඔහු තනිව පේර ගසක නැග ගෙඩි කඩන්නට ගිය අවස්ථාවේ මේ අනතුර සිදුව තිබුණි.
නිවස ඉදිරිපිටම තිබුණ පේර ගසට නැඟ පේර කැඩීමට යෑමේදී පය ලිස්සා වැටී පේර ගසේ මං දෙබලක ගෙල සිරවීමෙන් මෙම අනතුරට ලක්වූ අතර ඔහු සිරවී ඇති බව නිවැසියන් දැනගෙන ඇත්තේ ටික වේලාවකට පසුවය. කහටගස්දිගිලිය රෝහලට පසුව ඔහු ඇතුළත් කළද ඒ අවස්ථාව වනවිටත් මියගොස් තිබුණ බව පොලිසිය පවසයි. මියගිය දෙනෙත් ඉඳුවර රන්පත්විල ඇල්ලවැව විද්‍යාලයේ 4 වැනි ශ්‍රේයේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.
Friday, July 28, 2017
පේර ගසින් පය ලිස්සා අතු දෙකක් අතර සිරවී මියගිය දෙනෙත් ඉඳුවර
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment