මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයාට වෙඩි තැබූ සැකකරුගේ තොරතුරු හෙළි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයාට වෙඩි තැබූ සැකකරුගේ තොරතුරු හෙළි වෙයි

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තබා අද (25) යාපනය පොලීසියට භාර වී සිටින සැකකරු සෙල්වරාජා ජෙයන්තන් පිළිබඳව තොරතුරු රැසක් අදාල වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.

සෙල්වරාජා ජෙයන්තන් නැමති මෙම සැකකරු 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයෙකු වශයෙන් කටයුතු කර ඇතැයි අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ වැඩිමල් සොහොයුරා සහ සැකකරුගේ එක් බිරිඳක් විසින් පවසා ඇත. මෙම සැකකරු 1999 වසරේ කයිට්ස් අල්ලපිට්ටි මාන්කුම්බාන් ප්‍රදේශයේදී විවාහ වන අතර ගැහැනු දරුවන් සිවු දෙනෙකුගේ පියෙකුද වන අතරම පසුව 2009 වසරේදී අදාල කාන්තාව දමා ගොස් යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ තවත් කාන්තාවක් විවාහ කරගන්නා අතරම එම කාන්තවට දාව ගැහැනු දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වන බව සඳහන් වේ.

සැකකරු රැකියාව වශයෙන් යාපනයේ සිට කූරිකට්ටුවාන් ජැටිය දක්වා පෞද්ගලික බස් සේවාවක රියදුරෙකු වශයෙන් කටයුතු කොට ඇති අතර පවුලේ තිබූ ත්‍රී රෝද රථයක්ද පදවා ඇත.සැකකරු යාපනය නල්ලූර් ප්‍රදේශයේ උපන්නෙකු හෙයින් එහු විසින් පැදවූ ත්‍රී රෝද රථය නල්ලූර් ත්‍රී රෝද රථ හලට එක් කිරීම සඳහා අදාල වෙඩි තැබීම සිදු වූ දා සැකකරුගේ සොහොයුරා හා ඥාතියෙකු සමගින් බීමතින් පැමිණ ත්‍රී රෝද රථ ගාලේ සෙසු රියදුරන් සමග ඇති කරගත් ආරවුල දුර දිග යාමෙන් ඇති වූ තදබදයට මැදි වූ මහාධිකරණ විනිසුරුගේ රථය සහ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීමට ගොදුරු වූ බවටයි.

කෙසේ වෙතත් සැකකරු විසින් අදාල වෙඩි තැබීම සිදු කොට අසල සිටි කාන්තාවකගේ යතුරු පැදියක් රැගෙන පලා ගොස් ඇති අතර සැකකරු යතුරු පැදියේ ගමන් කරන අයුරු මාර්ගයක සී.සීටී.වී කැමරාවකද සටහන් වී තිබුනු අතර අදාල යතුරු පැදිය යාපනය අරියාලෙයි ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad