සිංහල පොලිස් නිලධාරියෙකු සමරා යාපනය සරසවි සිසුන් පහන් දල්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

සිංහල පොලිස් නිලධාරියෙකු සමරා යාපනය සරසවි සිසුන් පහන් දල්වයි

යාපනය සරසවියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මිය ගිය සිංහල ආරක්ෂක අංශ සාමාජිකයෙකු පළමු වතාවට ගුණ සමරා ආත්මයට ශාන්ති පැමිණවීම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද ප්‍රශංසාවට භාජනය වී ඇත.

යාපනය සරසවියේ මිය ගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාරකය අසලදී පළමු වතාවට මෙසේ මල් පහන් දල්වා යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයෙකු වශයෙන් සිටි වෙඩි ප්‍රහාරයකින් මියගිය හිටපු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ ආත්මයට ශාන්ති පැමිණවීම සිදු කර ඇත. යාපනය සරසවියේ අදාල සැමරුම් අවසථාවට මුලින් 65ක් පමණ සහභාගී වුවද පසුව 300 කට අධික දෙමළ සිසු සිසුවියන් සහභාගී වෙමින් මල් පූජා කරමින් පහන් දැල්වීම විශේෂ විය.

මේ අතර යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින්ද සඳහන් කොට ඇත්තේ ජාති ආගම් භේදයකින් තොරව තවත් පුද්ගලයෙකුගේ දිවි රැකීමට දිවිදුන් පොලිස් නිලධාරියා සැබෑ වීරයෙකු බවටත් අදාල වෙඩි ප්‍රහාරය හෙලා දකිමින් අදාල සැකකරු වහාම අත්අඩංගුවට ගත යුතු බවටත්ය. මේ අතර යාපනය දමිළ සිසු සිසුවියන් මෙසේ සිංහල ආරක්ෂක අංශ නිලධාරියෙකු වෙනුවෙන් මෙවැනි කටයුත්තක් පළමු වතාවට සිදු කිරීම සම්බන්ධයෙන් එම සිසුන්ට ප්‍රශංසා කොට ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad