හොරගොල්ල වලව්වේ බෝම්බයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

හොරගොල්ල වලව්වේ බෝම්බයක්

අත්තනගල්ල හොරගොල්ල වලව්ව භූමිය සුද්ධ පවිත‍්‍ර කරමින් සිටි පිරිසකට එහි තාප්පයක් අයිනේ මල් වැටක් අද්දර තිබී ජීව අත් බෝම්බයක් හමුවී  ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. අද (30) උදේ සේවක පිරිසක් හොරගොල්ල වලව්වේ පරණ පුස්තකාලය ආසන්නයේ ඩෙංගු මැඩලීමේ ශ‍්‍රමදානයක යෙදී සිටියදී රොඩු කුණු රේක්කයකින් අදිමින් සිටියදී  පොලිතින් කවරයක රදවා තිබූ මෙම බෝම්බය හමුවීමෙන් පසු ආරක්ෂක අංශ වෙත දන්වා ඇත.

එහි ආරක්ෂක අගුල මළකඩ කා ඇති බව පොලිසිය පවසයි. මෙම බෝම්බය කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙසේ සඟවා තැබුවාදැයි අනාවරණය කර ගැනීමට නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර අධිකරණයට කරුණු වාර්තා කර එය නි‍ෂ්කී‍්‍රය කීරිමට අවශ්‍ය කටයුතු සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කරයි.

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

No comments:

Post a Comment

Post Bottom Ad