සිය රටේදී තරග සංචාරයකට එක්වන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබී ඇති ආරාධනාවක් ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වුණා.
එළැඹෙන ඔක්තෝබර් මාසයේ ලාහෝර් නුවරදී පන්දුවාර විස්ස ක්‍රිකට් තරග දෙකකට එක්වන ලෙස පාකිස්තානය ආරාධනා කර තිබුණත් ලාහෝර් නුවර ඉකුත්දා සිදුවූ බෝම්බ පිපිරීමත් සමග ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එම ආරාධනය ප‍්‍රතික්‍ෂේප කළ බව පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසයි. මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ලාහෝර්හි ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් අර්බුදයක් හටගෙන තිබෙනවා.
පාකිස්තානු කි‍්‍රකට් සභාපතිවරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම තරග දෙක ශී‍්‍ර ලංකාව ප‍්‍රතික්‍ෂේප කිරීම පිළිබදව තමන් පුදුම වූ බවයි. ත‍්‍රස්ත ප‍්‍රහාර ලෝකයේ සෑම ස්ථානයකම පාහේ සිදුවනවා. එහෙත් ඉන් කී‍්‍රඩා තරගවලට කිසිදු බලපෑමක් නොමැති බවත්, තනි කැමැත්තට සිය ආරාධනය ප‍්‍රතික්‍ෂේප කිරීම අසාධාරණ බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
Sunday, July 30, 2017
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විස්සයි විස්ස තරගාවලියක් ප‍්‍රතික්ෂේප කරයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment