වෛද්‍යවරුන්ට හෙදියන්ට ඩෙංගුවලින් ආරක්ෂා වෙන්න ආලේපනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

වෛද්‍යවරුන්ට හෙදියන්ට ඩෙංගුවලින් ආරක්ෂා වෙන්න ආලේපනයක්

වෛද්‍යවරුන්ට හෙදියන්ට ඩෙංගුවලින් ආරක්ෂා වෙන්න ආලේපනයක්
දිවයින පුරා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය ආලේපන තොඟයක් පෞද්ගලික සමාගමක් මගින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට බාරදීම පෙරේදා (26) දී සිදු කරන ලදී. 

The Rattan Merchant  ආයතනය විසින් මෙම ආලේපන වර්ගය නිෂ්පාදනය කර ඇති අතර එම ආලෝපන පැකට් 11250 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වෙත භාර දී ඇත.  මෙම ආලේපන ජනතාවට සුදුසු බවත් සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඩෙංගු රෝගී සත්කාරක සේවා සිදු කරන වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ඩෙංගු මදුරුවාගෙන් බේරා ගැනීම සදහා මෙම ආලේපන රෝහල්වලට බෙදා හරින බව ද ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad