සහල් වෙළඳපොළට නිකුත් කරන්නැයි ඇමති රිෂාඩ්ගෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

සහල් වෙළඳපොළට නිකුත් කරන්නැයි ඇමති රිෂාඩ්ගෙන් උපදෙස්

වී අලෙවි මණ්ඩලය සතු සියළු වී තොග මිලට ගෙන වහාම සහල් කර වෙළඳපොළට  නිකුත් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමූපාකාර තොග වෙළඳ  සංස්ථාවට උපදෙස් ලබා දී ඇත. අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබාදුන්නේ පසුගිය 25දා  පාර්ලිමේන්තුවේදී  ජීවන වියදම් කමිටුව රැස් වූ අවස්ථාවේදීය.
 
වෙළඳපොළ තුළ සහල් හිඟයක් ඇති වීම වැලැක්වීම පිණිස මෙලෙස දේශීය සහල් තොග වෙළඳපොළට නිකුත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අනුව වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 55,000 ක් ඉතා ඉක්මණින්ම සහල් කර වෙළඳපොළට නිකුත් කරන අතර මෙයට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් මියන්මාරයෙන් හා පාකිස්ථානයෙන් ආනයනය කිරීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad