ඇලෝසියස්ගේ ලැප් එක -මොබයිල් ෆෝන් සිංගප්පූරුවෙදි විනාශ වුණාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

ඇලෝසියස්ගේ ලැප් එක -මොබයිල් ෆෝන් සිංගප්පූරුවෙදි විනාශ වුණාලු

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂීයස් මහතා සිදු කළ ගනුදෙනු සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු භාවිත කළ දුරකථන හා පරිගණක ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව ඔහු භාරදී ඇත්තේ පසුගිය මාස 06දී භාවිත කළ ජංගම දුරකතනයක් බව නීතිපති දෙපාර්තමේන්තුව අද(26) බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමට දැනුම්දී තිබේ.

මෙම ගනුදෙනු සිදු කළ කාලය ඊට පෙර යෙදුණ අතර ඒ සම්බන්ධ වඩාත් වැදගත් දත්ත ඇත්තේ එම කාලයේ පාවිච්චි කළ පරිගණක හා ජංගම දුරකථන උපකරණ වලයි. ඇලෝසියස් මහතා දන්වා ඇත්තේ තමාගේ පැරණි ජංගම දුරකථන හා පරිගණක සිංගප්පූරුවේදී විනාශ වී ඇති නිසා ඉදිරිපත් කරන්නට බැරිව තිබෙන බවයි. මින් ඉහත රවී කරුණානායක මහතාගේ බිරියට සුපිරි මහල් නිවාසයක් ලබාදීමේ ගනුදෙනුවේ අදාළ ලිපි ලේඛනද ඔහු විනාශවූ බව දන්වා තිබුණ අතර එම ලියකියවිලි තමාටද විනාශ කරන්න දැන්වූ නමුත් ඒවා එසේ නොකර කොමිසමට ඉදිරිපත් කළ බව එම නිවසේ හිමිකාරිය පසුගියදා පවසා තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad