දරුවන් දණ ගස්වා විභාගය ලියවන නපුරු ටීචර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

දරුවන් දණ ගස්වා විභාගය ලියවන නපුරු ටීචර්

අනුරාධපුර කනිෂ්ඨ විද්‍යාලයක තුන්වැනි ශේ්‍රණියේ...ගුරුවරියක් දරුවන්ගේ පන්ති කාමර ලියන මේස ඉවත් කර පැය දෙකක කාලයක් ඔවුන් දණගස්වා විභාගය පැවැත්වීම හේතුවෙන් සිය දරුවන් දැඩි අසහනකාරී තත්ත්වයට පත්වී සිටින බව මවුපියෝ පිරිසක් පවසනවා.

දරුවන්ට අමානුෂික ආකාරයෙන් සලකන ගුරුවරිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මවුපියන් පිරිසක් මෙසේ පැවැසූහ. දරුවන් පාසල අවසන් වෙලා නිවෙසට ආවහම ඔවුන්ගේ දණිස් රතුවී තිබෙනවා දැක්කා. ඒ සම්බන්ධයෙන් දරුවන්ගෙන් විමසූ විට ඔවුන් කිව්වා අද විභාගයේ ලිව්වේ දණ ගහගෙන කියලා. අපි ඇහැව්වා ඇයි පුතේ වැරැදි වැඩක්වත් කළාද දණ ගහගෙන විභාගේ ලිව්වේ කියලා.

නෑ අම්මේ අපේ ඩෙස් රවුම් නිසා කොපි කරන්න පුළුවන් කියලා ඩෙස් අයින් කරලා පුටුවේ ප්‍රශ්න පත්තරේ තියාගෙන දණ ගහගෙන ලියන්න කියලා ටීචර් කිව්වා කියලා ඔවුන් කිව්වා. පෙරේදා (25දා) දිනයේත් දරුවෝ දණ ගහගෙන විභාගේ ලියලා තියෙන්නේ. මේ පුංචි දරුවන්ගෙන් පුදුම විදියට මේ ගුරුවරිය පළිගන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad