සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිරිපස සවි කර තිබූ අලියා සහිත ලාංඡනයට සිය ගිනි අවියෙන් වෙඩි තබා අලාභහානි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස දෙකක පමණ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඇපමත මුදා හැරුනේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මිරිහාන පොලිසියට අනුයුක්තව සේවයෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි. මෙම සැකකාර කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කළ නියෝග මත අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මාස දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් එකී රෝගී තත්ත්වයෙන් මේ වන විට සුවය ලබා ඇති බවට වෛද්‍ය වාර්තා ලැබී ඇති බවත් එබැවින් මොහු බන්ධනාගාරගතව සිටි කාලයද සැලකිල්ලට ගෙන ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඉල්ලමින් සැකකාර කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඇප නියම කෙරුනා.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඉකුත් මැයි මස 01 පස්වරුවේදී සිදුකර තිබූ අතර ඉන් කෙටි වේලාවකට පසුව මිරිහාන පොලිසිය මඟින් සැකකාර කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගැනුනා.
Thursday, July 27, 2017
සිරිකොත අලියට වෙඩි තැබූ රාළහාමි ගෙදර යයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment