ග්ලයිෆොසේට් තහනම නිසා තේ කර්මාන්තයේ මතුව ඇති තත්ත්වය සහ එයට විසඳුම් යෝජනා කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද(27දා) පැවැති විද්වත් සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එක්ව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට විරුද්ධව අදහස් පළ කළහ.
මෙහිදි නවීන් දිසානායක මහතා සඳහන් කළේ ග්ලයිෆොසේට් සම්බන්ධව මේදක්වා නිසි පර්යේෂණයක් සිදුකර නොමැති බැවින් තේ කර්මාන්තයට එය යොදාගත යුතු බවයි. ග්ලයිෆොසේට් සම්බන්ධව පැහැදිලි සාක්ෂි නොමැතිව සෞඛ්‍ය අවදානමක් පෙන්විය නොහැකි බවද ඔහු කීය. රාජිත සේනාරත්න මහතා මෙහිදීසඳහන් කළේ ග්ලයිෆොසේට් භාවිතය හේතුවෙන් පිළිකා ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති බවයි.
කුඩා තේවතු හිමියන් වල්නාශක ඉල්ලා නොමැති බවත්, තේ කර්මාන්තය සඳහා ග්ලයිෆොසේට් ඉල්ලා සිටිම ගැටලුවක් බවත් ඒමහතා ප්‍රකාශ කළේය. මෙහිදි අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ ග්ලයිෆොසේට්වල ආසනික් තිබෙන බැවින් මෙම උග්‍ර විෂ සහිත රසායනිකය භාවිත කිරීම හේතුවෙන් වකුගඩු රෝගීන් බිහිව ඇති බවයි. ග්ලයිෆොසේට් භාවිත කිරීම නිසා තේ වගාව බාල වන බවත්,පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ වන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.මෙම අවස්ථාවට සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයාද එක්ව සිටියේය.
Thursday, July 27, 2017
රතන හිමි හා රාජිත එක්වෙති - නවීන් තනිවෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment