බැසිල්ට විදෙස් බුද්ධි සේවයක සහාය! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

බැසිල්ට විදෙස් බුද්ධි සේවයක සහාය!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කර ඇති දේශපාලන මෙහෙයුමට විදෙස් රටක බුද්ධි අංශයක ආධාර අනුබල ලැබී ඇති බවට රජයේ බුද්ධි අංශ විසින් තහවුරු කර ඇතැයි ආණ්ඩුවේ ප්‍රධානියකු පැවසිය.

එහෙත්, එම විදෙස් බුද්ධි සේවය එසේ ආධාර අනුබල දෙමින් සිටින්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට පත්කිරීමට නොව ආණ්ඩුවට බලපෑමක් කිරීමේ අරමුණින් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 20 කට ආසන්න සංඛ්‍යාවක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් මෙහි දී අදහස් දැක්වූ ඉහත ප්‍රකාශකයා, මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වන පිරිස පහක් හෝ හයක් වනු ඇති බව ද කියා සිටියේය. මේ පිරිස බැසිල් රාජපක්ෂ මහතා සමඟ කර ඇති සාකච්ඡා සම්බන්ධ තොරතුරු රැසක් ද ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට ලැබී තිබේ. 


ආණ්ඩුව රැකගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට මෛත්‍රී-රනිල් එකඟතාවයක් :

මේ අතර, ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු කුමන තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුව රැකගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟත්වයකට පැමිණ ඇත. මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබ ඇත්තේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා විසිනි.

සයිටම් ප්‍රශ්නය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන සටන් පාඨ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය පැහැදිලි කිරීමටත්, පසුගිය ආණ්ඩුව කාලයේ මේ ප්‍රශ්න ඇති කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් මේ සාකච්ඡාවල දී ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇත.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad