පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. කාලෙන් කාලෙට විවිධ සිද්ධි හරහා පියුමි කරළියට එනවා. ආයෙමත් පියුමිගේ නම ඊයේ කතාවෙන්න පටන් ගත්තේ පියුමිගේ පෙම්වතා බව කියන වෙනුර නමැත්තා වෛද්‍යවරයෙකුට පහරදුන්නු සිද්ධිය. ඉතිං මේ ගැනත් පියුමිගේ අලුත්ම තොරතුරු ගැනත් අහලා බලන්න අපි පියුමිට කතා කළා.
පියුමි ඔබගේ පෙම්වතා වෙනුර ආයෙමත් කිරිබත්ගොඩදි වෛද්‍යවරයෙකුට ගහපු සිද්ධිය මොකක්ද..?
ඒ වීඩියෝ එක මටත් එවලා තිබුණේ මගේ යාළුවෙක්. ඒ වීඩියෝ එකේ ඉන්නේ එයා තමයි. එයාව වැඩිය කවුරුත් දන්නේ නෑ. ඒත් පියුමි හංසමාලිගේ පෙම්වතා කිව්වම හැමෝම දන්නවා. ඒ නිසයි මගේ නම හැම එකටම ගෑවෙන්නේ. හැබැයි එයා දැන් මගේ කවුරුත්නම් නෙවෙයි.
හම්… එතකොට දැන් ඒ ප්‍රේම සම්බන්ධය නැද්ද..?
ඒකනේ කිව්වේ නැහැ.. ඔහු මගේ කවුරුත් නෙවෙයි.
හරි.. පියුමි අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාන එක දරුවෙක් ඉන්න මවක් විදිහට ගැලපෙනවද..?
මම කරන්නේ මට හරි කියලා හිතෙන දේ.. අනිත් අයට ඕන විදිහට මම මගේ දේවල් කරන්න ඕනද..? මම විතරද කොටට අඳින්නේ.. මට වඩා කොටට අදින අසංවර අය කොච්චර ඉන්නවද.. ඒ අය ගැන කවුරුත් කතා වෙන්නේ නෑ.. හැබැයි මම ප්‍රසිද්ධ නිසා මම ගැන තමයි කතා වෙන්නේ.
ඒත් දරුවට ඒ දේවල් ගැලපෙන්නේ නෑ නේද..? දරුවට මේවා නිසා විවිධ කතා අහන්න වෙනවා ඇතිනේ..
නැහැ.. එයා යන්නේ ජාත්‍යන්තර පාසලකට.. එයාට ඒ දේවල් ගැටලුවක් නැහැ. එයත් කියනවා මම කොටට අදිනකොට අම්මි මේවා කොටයි නේද කියලා.. එතකොට මම
කියන්නේ ඔයාගේ අම්මා අවුරුදු 24 ක පුංචි කෙල්ලෙක් කියලා. ඒවට එයා හිනා
වෙනවා.
දැන් අඩනිරුවත් මියුසික් වීඩියෝස් දකින්න ලැබෙනවා වැඩියි.. මේ ගැන පියුමි දරන්නේ මොන වගේ මතයක්ද..?
අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි.. මම කොටට අඳිනවා. හැබැයි මම කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්නේ නැහැ..
Thursday, July 27, 2017
Home
ඕපාදුප
වෙනුර මගේ කවුරුත් නෙවෙයි – එයාව කවුරුත් දන්නේ නෑ, මම ප්‍රසිද්ධ නිසයි හැම එකටම මගේ නම ගෑවෙන්නේ – පියුමි හංසමාලි
වෙනුර මගේ කවුරුත් නෙවෙයි – එයාව කවුරුත් දන්නේ නෑ, මම ප්‍රසිද්ධ නිසයි හැම එකටම මගේ නම ගෑවෙන්නේ – පියුමි හංසමාලි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)






No comments:
Post a Comment