මගෙ කොල්ල උදුර ගත්තා කියල කාන්තාවක් කරන චෝදනාවට ගයාත්‍රිගෙන් පිළිතුරු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

මගෙ කොල්ල උදුර ගත්තා කියල කාන්තාවක් කරන චෝදනාවට ගයාත්‍රිගෙන් පිළිතුරු (VIDEO)


පසුගිය දිනවල ටෙලි නාට්‍ය නිළි ගයාත්‍රී ඩයස් හා පෙමින් වෙළුණ තරුණයෙකු සම්බන්ධයෙන් එම තරුණයාගේ පෙම්වතිය යයි කියන තැනැත්තිය ෆේස් බුක් ඔස්සේ දිගින් දිගටම ගයාත්‍රීට දොස් පවරා තිබේ. මෙම හුටපටය අන්තර්ජාලයේ පැතිරීම නිසා ගයාත්‍රී ඩයස් කැළඹීමට ලක්ව ඇති සෙයක් ඇය පසුගිය සතියේ ටීවී 1 නාලිකාවේ වැඩසටහනකට ඇවිත් කියූ දේ තුළින් ගම්‍යමාන විය.

ඇය එහිදී කියා සිටියේ මෙසේය.

‘මම හරි පොපියුලර් මේ දවස්වල.එක එක කාලෙට එක එක විදිහට කට්ටිය පොපියුලර් වෙනවා. මේ දවස්වල මාව මගෙ නම අරගෙන වෙන කට්ටිය හිට් වෙන්න හදනවා. ඒක තමා හරිම වචනෙ. ඉතින් දන් නෑ මට නං තේරෙන් නෑ. මට අවුරුදු 19 ක දුවෙක් ඉන්නවා. එක ගර්ල් කෙනෙක් නෑ අවුරුදු 40 ක විතර ලේඩි කෙනෙක් මේ අවුරුදු 22 ක 23 ක බොයි කෙනෙක් එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ලු...හොඳද ඉතින් එයාව මං උදුර ගත්තලු. ඉතින් හරි ලැජ්ජයි.. මට ඒ අයගෙ නම් කියල එයාලව හිට් කරන්න ඕන නෑ.ෆේස් බුක් එකේ. ඉතින් එයාගෙ යාලුවො දන්නව ඇති ඔය කවුද කවුද කියල. ඉතින් ඉදිරියේදී ඒක පුවත්පත් ඔස්සේ නීතිමය කටයුතු ඔස්සේ ඒක එලියට ඇවිල්ල ඕව වෙනස් වෙයි. සමහර විට මගෙත් එක්ක ළඟින් ඇසුරු කරපු කීප දෙනෙක්ගෙ නම් එලියට එයි. වට් ටු ඩූ.. මේ වැඩේ සති දෙකක් තිස්සේ මේ වැඩේ යනවා ඒගොල්ලන්ගෙ ඒගොල්ලන්ගෙ මිතුරු මිතුරියන් අතර. මං කථාකළේ නැත්තෙ බල්ලෙක් මාව කෑව කියල මං බල්ලෙක් කන සිරිතක් මට තිබ්බෙ නෑ. අනිත් එක හැමෝම දන්නවනෙ කකුලුවො කියන ජාතිව දඟලන්නෙ හොද්ද පැහෙනකං විතරයි. ඉතින් බුදු සරණයි...‘

මෙම සංසිද්ධිය ගැන වැඩිදුර සොයා බැලූ අපට නිරූපිකාවක ලෙස වෘත්තියේ යෙදෙන දිනන්යා පීරිස් නමැත්තිය සමාජ ජාල ඔස්සේ ගයාත්‍රීට අවලාද නගා ඇති බව සොයාගත හැකි විය. ඇගේ තරුණ පෙම්වතා තමාගෙන් උදුරාගත්තේ ගයාත්‍රී කියමින් ඇය විවිධාකාර දේ ප්‍රසිද්ධ කර තිබේ.

ඒවා අතරින් කිහිපයක් හා ගයාත්‍රී ඊට කැළඹුණු සිතින් ලබාදුන් පිළිතුරේ වීඩියෝව පහතින්...





No comments:

Post a Comment

Post Bottom Ad