මියගිය සැරයන්ගේ දරුවන්ගේ වගකීම මහාධිකරණ විනිසුරු භාර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

මියගිය සැරයන්ගේ දරුවන්ගේ වගකීම මහාධිකරණ විනිසුරු භාර ගනී

මියගිය සැරයන්ගේ දරුවන්ගේ වගකීම මහාධිකරණ විනිසුරු භාර ගනී
යාපනයේ වෙඩි ප්‍රහාරයකින් මියගිය පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතාගේ දරු දෙදෙනාගේ වගකීම තමා භාර ගන්නා බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසාගර් ඉලන්චේලියන් මහතා පැවසීය. මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයා ලෙසින් හේමචන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඔහුට ආරක්ෂාව සපයමින් සිටින විට වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. හේමචන්ද්‍ර මහතාගේ දරුවන් හමු වූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කාලේ ඔහුට පියා මෙන් ආදරය ලබා දිය නොහැකි වූවත් ආර්ථික වශයෙන් ඔවුන් දෙදෙනා ආරක්ෂා කරන බවයි.

එහිදී ඒ මහතා මෙසේ සඳහන් කළේය.

“මට ළමයි දෙන්නෙක් ඉන්නවා.ඔවුන් දෙදෙනාම පිරිමි ළමුන්.අද සිට මට ළමයි හතරක් ඉන්නවා.මම හේමචන්ද්‍රගේ දුවයි පුතයි ගැනත් බලනවා.ඒ අයගේ අධ්‍යාපනය,ඔවුන්ගේ අනාගත ජීවිතය මගේ මරණය තෙක් බලා ගන්නවා.ඔවුන්ගේ පියාගේ ආදරය මට දරුවන්ට දෙන්න බැරි වෙයි.එසේ නොහැකි වුණත් ආර්ථික වශයෙන් ඔවුන් ආරක්ෂා කරනවා.ඒක මගේ රාජකාරිය වගේම වගකීම.මම දුවගේ සරසවි අධ්‍යාපනයට වගේම ඇයගේ විවාහයටත් උදව් කරනවා.මේ ළමයි දෙන්නාම මගේ දරුවන් දෙන්නා වගේ”

No comments:

Post a Comment

Post Bottom Ad