තෙල් වර්ජනය පර්ලිමේන්තුව දෙවනත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

තෙල් වර්ජනය පර්ලිමේන්තුව දෙවනත් කරයි


ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වර්ජනය ගැන අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අනුර කුමාරදිසානායක, දිනේෂ් ගුණවර්ධන හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් දිගින්දිගටම වාද කළා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාකච්ඡා සඳහා සූදානම් නමුත් ජන ජීවිතය අඩාළ වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවයි.

ඔහුට බාධා කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රමුඛ අය වාද කළා. මේ හේතුවෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් මත පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණ. අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ ජනපති සමග සාකච්ඡා කර පැමිණෙමින් සිටි ඛණිජ තෙල් වෘත්තිය සමති නියෝජිතයින් 15ක් අත්අඩංගුවට ගෙන ඇති බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad