හිටපු නියෝජ්‍ය ඇමති රිය අනතුරකට ලක්වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

හිටපු නියෝජ්‍ය ඇමති රිය අනතුරකට ලක්වෙයි..

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන නිපුන සහල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් මහතා ගමන් ගත් මෝටර් රථයක් පෙරේදා (24දා) රාත්‍රි 7.00ට පමණ පොළොන්නරුව බැදිවැව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් අනූනවයෙන් බේරී ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.

පොලිසිය පවසන අන්දමට සිරිපාල ගම්ලත් මහතාගේ හිතවතකු රෝගාතුර වී පොළොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහුව බැලීමට පොළොන්නරුවට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. ලොරි රථය පොළොන්නරුවේ සිට හබරණ දෙසට ගමන් කර ඇත. සිරිපාල ගම්ලත් මහතාට අයත් මෝටර් රථය පදවාගෙන පැමිණ තිබෙන්නේ ද ඒ මහතා විසිනි. 


අනතුරට පත් මෝටර් රථයේ ස්වයංක්‍රිය වායු බැලුන් ක්‍රියාත්මක වීම නිසා සිදුවීමට ගිය අනතුරින් එතුමා අනූනවයෙන් බේරී ඇති බවත් දකුණු අතෙහි ඇතිවූ සුළු තුවාලයකට ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූ.පො.ප. එම්.එස්.එම්. ජරූල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad