‘සිරිසේනගෙයි රනිල්ගේ ඉතුරු ඇදුම් ටිකත් ගලවන්න ..පුලුවන්නම් එක තෙල් බවුසරයක් අරන් පෙන්නපල්ලා’ – තෙල් අරගලය නොනවතියි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

‘සිරිසේනගෙයි රනිල්ගේ ඉතුරු ඇදුම් ටිකත් ගලවන්න ..පුලුවන්නම් එක තෙල් බවුසරයක් අරන් පෙන්නපල්ලා’ – තෙල් අරගලය නොනවතියි (VIDEO)

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද (26) අලුයම යුද හමුදාව ඇතුළු විය. තෙල් සේවකයන්ගේ දැඩි විරෝධය මැද්දේ යුද හමුදාව ඇතුල් වීමෙන් පසුව එහි සිටි සේවකයන් ආරක්ෂක අංශ විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. 

එලෙස ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය ඇමතු වෘතිය සමිති නායකයන් කියා සිටියේ මෙය තමාගේ පඩි වැඩි කරගැනීම සඳහා කරන සටනක් නොව රට වෙනුවෙන් දියත් කෙරූ අරගලයක් බවය. ඔවුන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් බලන්න පහතින්. “හැබැයි අමතක කරන්න එපා..එදා ප්‍රභාකරන් මේ රටේ යුද්ධය වෙලාගෙන තියෙනකොට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියල එකක් තිබ්බේ නැත්නම් ඔතන ඉන්න වැඩි දෙනෙක් මේ වෙනකොට මැරිලා කියලා..

එදා යුද්ධ කරන්න පුළුවන් උනේ මේ ඛනිජ තෙල් සංස්ථාව ආණ්ඩුව යටතේ තිබ්බ නිසයි..අපි පුලුවන්නම් කියනවා හමුදාව බැරිනම් පොලිසිය බැරිනම් ඕනෑම එකක් ඇවිල්ල හෙට උදේට එක තෙල් බවුසරයක් මෙතනින් එලියට අරන් පෙන්නන්න කියලා..”

සම්පූර්ණ වීඩියෝව බලන්න පහතින්... 

 

No comments:

Post a Comment

Post Bottom Ad