බුලත් විටට බලපෑමක් නෑ - දුම්කොළ තහනමේ වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

බුලත් විටට බලපෑමක් නෑ - දුම්කොළ තහනමේ වෙනසක්

බුලත් විටට බලපෑමක් නෑ - දුම්කොළ තහනමේ වෙනසක්
පසුගිය දශකයක සිට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර දුම්කොල අඩංගු දුම් රහිත  දුම්කොල  භාවිතය වැඩි වශයෙන් ප්‍රචලිත වෙමින් පවතී.මෙම නිෂ්පාදන අතර මාවා, බාබුල් සහ වෙනත් ආනයනික නිෂ්පාදන අඩු මිලකට රට තුල රහසිගත ක්‍රමවලින් විකිණිම සිදුවේ.මේ පිළිබඳ මෑතකදී කරනු ලැබු සමීක්ෂණයකදී විශේෂයෙන්ම තහවුරු වී ඇත්තේ මෙහි පාසල් ළමුන් ඇතුලු තරුණ ප්‍රජාව ගිල ගැනිමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

මෙම නිෂ්පාදන භාවිතයෙන් විවිධ වු සෞඛ්‍යමය ගැටලු උද්ගත වන අතර මුඛ පිළිකා, ගලනාලයේ පිළිකා, මානසික රෝග හා බඩවැල් ආශ්‍රිත රෝග ප්‍රධාන තැනක් ගනී. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව තරුණ පරපුර මුඛ පිළිකාවට ගොදුරු වීමේ වැඩිවිමක් පෙන්නුම් කර තිබේ.මෙම පිළිකා ඇති විම කෙරෙහි දුම් පානය සහ දුම් රහිත දුම්කොළ භාවිතයද සෘජුවම බලපායි. පසුගිය කාල සීමාවේදී මෙම නිෂ්පාදන, නිෂ්පාදනය කරන්නට හා විකුණන්නට එරෙහිව පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සූරාබදු නිලධාරින් නිරන්තර වැටලිම් සිදු කළ ද පවත්නා නීති රීතිවල අඩු ලුහුඩුකම් නිසා නීතිය ඉදිරියේ ඔවුන් වරදකරුවන් කිරිමට අපොහොසත් වුණි. 

තවද අසල්වැසි රටවල මෙම දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කිරිම නිසා එම නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගලනය වෙමින් පවතින බවද පැහැදිලි වේ.පවත්නා මෙම තත්වය පිළිබඳ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ එහි ඇති දුම් රහිත දුම්කොළ පිළිබඳ අනු කමිටුව නොයෙකුත් සමීක්ෂණයන් පරික්ෂණයන් සිදු කරන ලද අතර අධිකරණ,පොලිසිය,රේගුව,සූරාබදු දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල නිලධාරින් සමඟ හා මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමග සාකච්ඡා පවත්වන ලදි.

ඒ අනුව දුම්රහිත දුම්කොළ ආනයනය හා නිෂ්පාදනය තහනම් කිරීම සදහා ක්‍රියා කිරිමට අමතර රෙගුලාසියක අවශ්‍යතාවය ගරු ඇමතිතුමාට නිර්දේශ කිරිමෙන් අනතුරුව 2016 සැප්තැම්බර්  01 දින සිට මෙම රෙගුලාසිය පැනවීමට කටයුතු කරන ලදි. මෙම රෙගුලාසිය අනුව දුම්කොළ අඩංගු දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ යම් පැණි රස ගන්වන ලද හෝ වර්ණ ගන්වන ලද හෝ රස ගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය හෝ විකිණිම සිදු නොකල යුතුය.

මෙම රෙගුලාසියේ මුලික අරමුණ වනුයේ අපගේ තරුණ පරම්පරාව හා පාසැල් ළමුන් විනාශය කරා ඇදගෙන යන මාවා,බාබුල් වැනි නොයෙකුත් නම්වලින් සඳහන් වන විෂ ද්‍රව්‍ය යොදා සකස් කර ඇති දුම්කොළ මිශ්‍රණයන් නිෂ්පාදනය, ආනයනය, විකිණිම හෝ විකිණිමට ඉදිරිපත් කිරිම තහනම් කිරිමට අදාළ නීතිමය පසුබිම සකස් කිරිම වේ.මෙම රෙගුලාසියෙන් සම්ප්‍රදායික බුලත්විටට බලපෑමක් ඇති කිරීමට අදහස් නොකරන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad