මහඉලුප්පල්ලම බංග්ලාදේශයට බදුදෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

මහඉලුප්පල්ලම බංග්ලාදේශයට බදුදෙයි..

මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදු දීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත මේ වන විටත් සකසා ඇති අතර මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය සහ ඊට අයත් ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර වසර 150 ක බදු කාලයකට මෙසේ ලබාදීමට නියමිතය. මෙම බදුදීම සිදුකරනු ලබන්නේ බංග්ලාදේශයේ ”ලාල්ටීය සීඩ්” නැමති පුද්ගලික සමාගමටය.

දැනට ශ්‍රී ලංකාවේ බීජ අවශ්‍යතාවෙන් සියයට අනූවක්‌ සපයනු ලබන්නේ දේශීය පෞද්ගලික ආයතන වන අතර එවැනි දේශීය ආයතන මේ පිළිබඳ කිසිත් දැනුවත් නොකර මෙම දීර්ඝකාලීන බදු දීම සිදුකරන බව සමස්‌ත ලංකා බීජ නිෂ්පාදන සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා  පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad