කඹුරුපිටියේ මධුෂ් ආයෙත් පටන් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

කඹුරුපිටියේ මධුෂ් ආයෙත් පටන් ගනී

කළුතර බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන එමින් සිටි සමයo ඇතුළු සoවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ඝාතනය කිරීමට සම්බන්ධ සහ පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යoශයේ පොලිස් පරීක්ශක රoගජීව යන අය ඝාතනය කිරීමට් ඇතුලු තවත් ඝාතන දෙකකට සම්බන්ධ සැකකරුවන් අත්තඩoගුවට ගැනීම සදහා මෙම පොලිස් නිලධාරියා සාර්ථකව පරීක්ශන කටයුතු මෙහෙයවනු ලැබූ බවද ත්‍රස්ථ විමර්ෂන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත. 

මෙම අපරාධ සියල්ලටම සම්බන්ධ සමරසිoහ ආරච්චිගේ මධූෂ් ලක්ශිත නොහොත් කඹුරුපිටියේ මධුශ් නැමැති අපරාධ කල්ලි නායකයා බවද මෙතෙක් කරනා ලද විමර්ෂන වලදී අනාවරණය වී ඇතැයි දැනුම් දී ඇත. මෙම සැකකරු මේ වන විට රහසිගතව මෙරටින් පිටවී ඇතැයිද වැඩි දුරටත් අධිකරණයට දැනුම් දී ඇත. 2016 සැප්තැම්බර් මස 19 වෙනිදා 18.43ට 0724388426 දරණ අoකයෙන් ද 2017 මැයි මස 18 වන දින 5.18ට 971582791846 දරණ අoකයෙන් හා 2017 ජුනි මස 07 වෙනිදා 23.28 ට 919267786772 දරණ අoක වලින් දුරකතන ඇමතුම් ලැබුන බව ජුනි මස 20 වෙනිදා දාස් ගුප්තා නිලධාරියා විසින් ලිඛිතව පැමිණිල්ලක් සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණුද අධිකරණයට වාර්තා කර ඇත.

කඹුරුපිටියේ මධුෂ් ලක්ශිත නැමැත්තා තමාට ඉහත කී දුරකථන අoක වලින් දින තුනක් තිස්සේ දුරකතනයෙන් කතා කර “මම කඹුරුපිටියේ මධුශ්. මo ගැන කරණ පරීක්ෂන නතර කරන්න තොරතුරු හොයන්න එපා. කළුතරදී බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය ගැන විමර්ෂනය කරන්න එපා. අයි.පී රoගජීවට වෙඩි තිබ්බෙ එකේ විමර්ෂන වලට හරස් වුනොත් මරලා දානවා.” යනුවෙන් තමාට ඇමතුමක් ලබා දුන් බවත් තමන්ට මරණ බියක් ඇති වූ බවත් පැමිණිලිකරු පැමිණිල්ලේ සදහන්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad