යාපනය වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන 39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්තන් නැමත්තා ඊයේ (25) උදෑසන යාපනය පොලීසිය වෙතට ඥාතියෙකුද සමග භාර වීමෙන් පසුව සැකකරු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ සවස් වන තුරු ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබීය. පොලිස් ප්‍රශ්න කිරීම්වලින් පසුව යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතාගේ නිල නිවසට ප්‍රධාන සැකකරු රැගෙන යාමෙන් පසුව මෙසේ රිමාන්ඩ් කිරීමට නියෝග කරනු ලැබීය.
යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී සිදු වූ වෙඩිතැබීමෙන් හිටපු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා මිය ගිය අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ අතර 22 වනදා වෙඩි තැබීමෙන් පසු ප්‍රධාන සැකකරු පලා ගිය අතර දින තුනකට පසුව ඊයේ උදෑසන සැකකරු යාපනය පොලීසිය වෙතට ඔහුගේ ඥාතියෙකු සමග පැමිණ භාර විය. මෙසේ රිමාණ්ඩ් කෙරුනු ප්‍රධාන සැකකරු එල්.ටී.ටී.ඊ සංවිධානයේ වසර 3 ක කාලයක් ක්‍රියාකාරිකයෙකු වශයෙන්ද සිට ඇති බවට පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති අතර ඊයේ රිමාන්ඩ් කෙරුනු ප්‍රධාන සැකකරු යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාකාරීව රැඳවීමටද යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කරනු ලැබීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
No comments:
Post a Comment