මදුරුවන් විනාශ කිරීමට විෂ සහිත බැක්ටීරියාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

මදුරුවන් විනාශ කිරීමට විෂ සහිත බැක්ටීරියාවක්

මදුරු කීටයන් විනාශ කිරීම සඳහා විෂ සහිත බැක්‌ටිරියාවක්‌ නිපදවීමට මහනුවර ජාතික මූලික අධ්‍යන අංශය සමත්ව තිබේ. ජාතික මූලික අධ්‍යන අංශයේ අධ්‍යක්‌ෂ හා ජ්‍යෙෂ්ඨ මහචාර්ය පර්යේෂණ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය එස්‌.එච්.පී. පරාක්‍රම කරුණාරත්න මහතා පවසන්නේ බී.ටී.අයි සහ සයනෝ බැක්‌ටීරියා නිපදනවන විෂ ජාන කෘත්‍රිමව සකස්‌ කර මදුරු කීටයන් ආහාරයට ගැනීමට කැමැති බැක්‌ටීරියා සමඟ ඒවා මිශ්‍රකර පරිසරයට මුදාහැරීම මගින් කීටයන් විනාශ කළ හැකි බවයි.

මදුරු කීටයින්ට හැර සෙසු පරිසර පද්ධතියට කිසිදු හානියක්‌ නොවන ලෙස මෙම බැක්‌ටීරියා නිපදවීම කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමුකර තිබෙන බවද ඒ මහතා පැවසීය.
මහචාර්යවරයා ප්‍රකාශ කළේ බැසිලස්‌ තුරින්ජයන්සිස්‌ (Bacillus thuringiensis) නොඑසේ නම් බී.ටී.අයි. බැක්‌ටීරියාව පරිසරයට මුදා හැරීමේදී මතුවන ප්‍රබලතම ප්‍රශ්නයක්‌ වන්නේ එය අධික හිරු එළියේදී විනාශ වී යෑම බවත් එවැනි ගැටලුද මඟ හරවා ගනිමින් නව බැක්‌ටීරියාව නිපදවීම කෙරෙහි පර්යේෂකයන්ගේ අවධානය යොමුව තිබෙන බවත්ය.

මෙම වැඩපිළිවෙළ සාර්ථවක ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු රෝග ව්‍යාප්තිය වසර තුනක්‌ තුළ සාර්ථකව පාලනය කිරීමට හැකිවනු ඇතැයි අපේක්‌ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙරට ප්‍රධාන මදුරු විශේෂ 140 ක්‌ පමණ සිටින බවත් රුධිරය නොබී මල්පැණි හෝ වෙනත් යුෂ වර්ග පානය කරන මදුරු වර්ගද මේ අතර සිටින බවත් මදුරුවන්ගේ ගැහැනු සතා පමණක්‌ දෂ්ටනයකින් රුධිරය ලබා ගන්නා නමුත් පිරිමි සතා එලෙස ලේ බීමක්‌ සිදු නොකරන බවද ඒ මහතා අවධාරණය කළේය.
බිත්තරවල කට්‌ට සවි වීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ගැහැනු මදුරුවන් ලේ බොන බව විද්‍යාත්මක පරීක්‌ෂණ මගින් තහවුරුව තිබෙන බවත් ඩෙංගු රෝගයට හේතුවන වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට ගෙනයනු ලබන මදුරු විශේෂ දෙකක්‌ සිටින බවත් ඊඩිස්‌ ඊජිප්ටි (Aedes aegypti) හා ඊඩිස්‌ ඇල්බොපික්‌ටස්‌ (Aedes albopictus) ලෙස මෙම මදුරු වර්ග දෙක හඳුන්වනු ලබන බවත් ඒ මහතා කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad