අප්‍රේල් මාසයට වෙසක් පොහොය ගත් හැටි ඇමති වජිර කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

අප්‍රේල් මාසයට වෙසක් පොහොය ගත් හැටි ඇමති වජිර කියයි

වෙසක් පෝය දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආණ්ඩුව හෝ ස්වදේශ කටයුතු ඇමති නොවන බවත් එය ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් තීරණය කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා  (23) මාවතගම ප්‍රාදේශිය වැඩසටහනට එක් වෙමිනි. ස්වදේශ කටයුතු ඇමති ලෙස තමා ලංකාවේ නිවාඩු පනත අනුව නිවාඩු ගැසට් කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වෙසක් පෝය කමිටුවේ ඉන්නේ අපේ ගරු කටයුතු නායක හිමිපාණන් ප්‍රමුඛ විද්වත් කණ්ඩායමක් මඟින් බව ද පෙන්වා දුන්නේය. 1800 ගණන්වල සිට වෙසක් පෝය විවිධ අවස්ථාවලදී අප්‍රේල් මාසයේ යෙදී  තියෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad