යාපනය කරෙයිනගර් රාජරාජේශ්වරී අම්මාන් හින්දු කෝවිල අසල පිහිටි පාළු ළිඳක තිබී 29දා සවස ක්ලේමෝ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගෙන ඇත. කෝවිලේ ළිඳ යුද සමයෙන් පසු භාවිත කර නොමැත. එය භාවිතයට සුදුසු පරිදි පවිත්‍ර කරමින් සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මුලින්ම යුද උපකරණ දැක නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ.
නාවුක හමුදාව හා පොලිසියේ මැදිහත්වීමෙන් ළිඳ තුළ තිබී ක්ලේමෝ බෝම්බ 09ක්, කුඩා ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 06ක්, මෝටාර් උණ්ඩ 02ක් හා පීඩන බෝම්බ 02ක් සොයාගෙන ඇත. මේවා කල් ඉකුත් වූ තත්ත්වයේ තිබූ බව පවසන නාවික හමුදාව ළිඳෙන් ගොඩගත් පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කර විනාශ කිරීමට පියවර ගෙන ඇත. යුද සමයේදී කොටි සංවිධානය යුද උපකරණ තොගය ළිඳ තුළ සඟවන්නට ඇති බවට යාපනය පොලිසිය සැක පළ කර සිටියි.
Monday, July 31, 2017
කොටි ආයුධ තොගයක් යාපනය කෝවිලක ළිඳකින් හමුවෙයි- නාවික හමුදාව තත්වය පාලනය කරයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment