ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද පළමු පෙළ ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේදී පානදුර ක්‍රීඩා සමාජය සහ කලුතර ක්‍රීඩා සමාජය අතර තරගයේදී සිදුවු බවට චෝදනා නැගෙන තරග පාවාදීම් සම්බන්ධ පරීක්‍ෂණය වාර්තාව මේ සතියේ නිකුත් කිරීමට නියමිතව තිබේ.
එම වාර්තාව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් මහතාගේ අතට පත්ව ඇති බවත් එහි අඩංගු විස්‌තරය ඔවුන් හොඳින් දන්නා වැඩිදුරටත් සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලයක් දරන පුද්ගලයකු කණ්‌ඩායමක් එක්‌කාසු කර ගනිමින් එම වාර්තාව යට ගසන්නට තවදුරටත් උත්සහයක නිරත වන බවටද වාර්තා වේ.
මීට මාස හතකට පමණ පෙර ප්‍රීමියර් “බී” කාණ්‌ඩයේ තරගයක් වශයෙන් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී පානදුර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය වෙනුවෙන් තරග පාවාදීමක් සිදුවු බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැමිණිලි කරන ලදී. බැලු බැල්මට එම තරගයේ යම් කිසි සැක සහිතව අවස්‌ථා සිදුවී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් පැවසුවද පානදුර ක්‍රීඩා සමාජයේ බලගතු පුද්ගලයකු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද ඉහළ තනතුරක් දරමින් සිටීම හේතුවෙන් මෙම පාවාදීමේ වාර්තාව ප්‍රමාද වී ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් “දිවයින” විමසන ලදුව, “අපි මේ තරග පාවාදීම සම්බන්ධව පරීක්‍ෂණ කරල අවසන්. ඒ වාර්තාවත් දැන් ඇවිල්ල තියෙන්නෙ. මේ සතියේදී බොහෝ දුරට අපි ඒක එළියට දාන්න සුදානමින් ඉන්නෙ. වරදක් කරල තියෙනවනම් ඒ අයට දඩුවම් කරන්න ඕන. මේ වාර්තාව ප්‍රමාද වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් හානියක්.” යනුවෙන් ඔහු පැවසීය.
සැකයට තුඩු දෙන අදාළ තරගයේදී වාර්තාවන අන්දමට පළමුව පිති ප්‍රහාරයේ නිරත වූ කලුතර ක්‍රීඩා සමාජය පන්දුවාර 113 කදී ලකුණු 390 ක් ලබා ගෙන තිබේ. පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමේදී පන්දුවාර 68.3 කදී ලකුණු 423 ක් ලබා ඇත. මෙම තරගයේ පළමු ඉනිමේදී කලුතර ක්‍රීඩා සමාජයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය 3.78 කුත් පානදුර ක්‍රීඩා සමාජයේ ඕවරයකට ලකුණු ලබා ගැනිමේ වේගය 6.17 ක් ලෙස සටහන් වේ. දෙවැනි ඉනිමේදී කලුතර පිල ඕවර 22.5 කදී ලකුණු 197 කට දැවී ගොස් ඇත.
තරගයේ පූර්ණ ජයග්‍රහණය සඳහා පානදුර පිලට අවශ්‍ය වූ ලකුණු 165 ඕවරයකට දළ ලකුණු 12.21 ක වේගයෙන් ලබා තිබේ. එහිදී ප්‍රිමියර් “බී” කාණ්‌ඩයේ සිට “ඒ” කාණ්‌ඩයට උසස් වීම සඳහා පානදුරට පිලට ප්‍රසාද ලකුණු 17.84 ක් හිමිව ඇතැයි තතු දත් උදවිය පවසයි. කෙසේ නමුත් අදාළ වාර්තා දශමයටම ගණන් කිරීමෙන් පසුව එම දත්ත මත යමින් සහ දෙපිලේම තරග වැදුන ක්‍රීඩකයන්, විනිසුරුවන්, බළධාරින් සහ තරග තීරකවරයාද කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසුව පාවාදීමේ වාර්තාව අවසන් කර තිබේ.
මෙහිදී එක් පාර්ශ්ශවයක කොට්‌ඨාශයක් වග උත්තර බැදීමට නොපැමිණි බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයකු පවසා සිටියේ, “ඒ අයට කරුණු කියන්න ඉදිරිපත් වෙන්න කීප වතාවක්‌ම දැන්වුවා. එන්න බැහැ කියන්නෙ මොකක් හරි තියෙන නිසා වෙන්න ඇති.” යනුවෙන් පැවසීය. මෙම වාර්තාව සකස් කිරීමට අසේල රැකව මහතාගේ සභාපතිත්වයෙන් ජයන්ත පරණතාල සහ සරත් චන්ද්‍රලගියනගේ යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදී.
Tuesday, July 25, 2017
නිලධාරියකුගේ වුවමනාවට යට ගහන්න හැදු ක්‍රිකට් තරග පාවාදීමේ වාර්තාවේ සීල් කඩයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment