අපි කොළඹ වරාය ඇතුලෙ ගුවන් තොටුපළක් හදනවා - ඇමති චම්පික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

අපි කොළඹ වරාය ඇතුලෙ ගුවන් තොටුපළක් හදනවා - ඇමති චම්පික

කොළඹ වරායට අනුබද්ධව ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජයට යෝජනා කර ඇතැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඉදිරි වසර 10 තුළදී එය ඉදිකළහොත් කටුනායක ගුවන් තොටුපොළට නොගොස් කොළඹින්ම ගුවන්ගතවීමේ අවස්ථාව ලැබෙන බවද ඔහු පවසා සිටියේය. මෙම අදහස් කොළඹ නව නගර ශාලාවේ පැවැති හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ කීවේය.

‘ලබන වසරේ ජූනි මාසයේ දී කොළඹ ඉදිවන මූල්‍ය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. ප‍්‍රධාන වශයෙන් ලෝකයේම තිබෙන බැංකු එම ස්ථානයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ දකුණු වරායට අමතරව නැගෙනහිර හා බටහිර වරාය ඊ ළඟ අවුරුදු 5 තුළදී ගොඩනැගෙනවා. එය සමග නව ජවයක් කොළඹ වරායට ලැබෙනවා. කොළඹ වරාය මේ කලාපයේ ශක්තිමත්ම වරාය බවට ඉදිරිකාලයේ  දී අපි පරිවර්ථනය කරනවා. එසේම අපි රජයට යෝජනා කර තිබෙනවා වරායට අනුබද්ධිතව ගුවන්තොටුපලක් ඉදිකිරීමටත් එමගින් කටුනායකට නොගිහින් කොටුවෙන්ම ගුවන්ගත වීමට හැකියාව ලැබෙනවා ‘

No comments:

Post a Comment

Post Bottom Ad