රවී ගැන තීන්දුවකට ජනපති, අගමැති සූදානම්: “මහත්මයෙක් නම් රවී ඉල්ලා අස්විය යුතුයි“ -දයාසිරි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

රවී ගැන තීන්දුවකට ජනපති, අගමැති සූදානම්: “මහත්මයෙක් නම් රවී ඉල්ලා අස්විය යුතුයි“ -දයාසිරි

රවී ගැන තීන්දුවකට ජනපති, අගමැති සූදානම්: “මහත්මයෙක් නම් රවී ඉල්ලා අස්විය යුතුයි“ -දයාසිරි
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලා අස්විය යුතු බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමිනි.

නියම මහත්මා ගතිගුණ ඇති අයෙක් නම් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර අවසන් නිගමනයක් හිමිවන තුරු තම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු වුවත්, එසේ නොකිරීම හේතුවෙන් අද වන විට ආණ්ඩුවේ සිටින සෙසු අය ද අපහසුතාවයට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදුවෙන බවත් මෙම වංචාවට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා සඳහන් කළේ විදේශ ඇමැති රවි කරුණානායක මහතා ලබන 2 වැනිදා බැඳුම්කර කොමිසමේදී කරන ප්‍රකාශයෙන් පසු ඒ මහතා පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කිසියම් නිගමනයකට එළඹෙනු ඇති බවයි. මේ දිනවල බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය මත රවි කරුණානායක ඇමැතිවරයා කාගේත් කතාබහට ලක්‌වන බව ද බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ තමාට එල්ල වූ චෝදනා පිළිබඳව රවි කරුණානායක ඇමැතිවරයා ලබන 2 වැනිදා පිළිතුරු දෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad