තාජුදීන්ගේ පසුපස ගිය වාහනවල ජායාරූප හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

තාජුදීන්ගේ පසුපස ගිය වාහනවල ජායාරූප හමුවෙයි

තාජුදීන්ගේ පසුපස ගිය වාහනවල ජායාරූප හමුවෙයි
රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් ඝාතනය වීමට පෙර ඔහු පසුපස ලූහුබඳින ලද පුද්ගලයින් පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරනු ලැබූ ප‍්‍රචාරයෙන් සහ මහජනතාවගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කර හඳුනාගත් සමාන ඡායාරූප කිහිපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛණ පරීක්ෂක වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 

වසීම් තාජුදීන්ගේ වාහනය පිටුපසින් ගමන් කළ  වාහන පෙළක සිටි පුද්ගලයින්  පිළිබඳ ජායාරූප පෙළක් ලැබී ඇති බැවින් එම ඡායාරූප රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවද රත්නායක මහතා මෙහිදී කියා සිටියේය. එමෙන්ම සිද්ධියට අදාළ දුරකථන ඇමතුම් පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ඔහු සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාද වීම නුසුදුසු බව පෙන්වා දුන් කොළඹ අතිරේකක මහේස්ත්‍රාත් ට්‍රොස්කි මහතා මෙම පරීක්ෂණ  කඩිනම් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. 

ඒ අනුව අගෝස්තු  27 වන දින මෙම නඩුව යළි කැඳවීමටත් එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad