රංගිරි දඹුලු විහාරයේත් නිදන් හාරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

රංගිරි දඹුලු විහාරයේත් නිදන් හාරලා

ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහ විහාරය පාමුල පිහිටි අංක 62 කටාරම් ලෙන බිමේ අබිරහස් කැණීමක් ගැන දඹුල්ල පොලිසියේ හා පුරාවිද්‍යා නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්විය. මෙම ස්ථානයේ නිදන් ලබාගැනීමේ අරමුණින් මීට මාස කිහිපයකට පෙර කැණීමක් කර ඇති බවට ලද තොරතුරක් ගැන දඹුල්ල පොලිසිය හා දඹුල්ල සෝමාවතිය හා දාගැබ් සංකීර්ණ පුරාවිද්‍යා කලාප කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු එම කැණීම් කළ ස්ථානය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට එම ස්ථානයට පැමිණි සිටි පරිසර පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම දඹුලු රජමහ විහාරස්ථානයේ භාරකාර අඹගස්වැවේ රාහුල හිමියන් මුණගැසී කරුණු විමසීමේදී භාරකාර හිමියන් පැවසුවේ මීට වසර කිහිපයකට පෙර එම ස්ථානයේ කැණීමක් සිදු වී ඇති බවත්, එම ලෙනේ ආවාස ගෙයක් තනාගෙන විහාරයේ නේවාසික භික්ෂුන් වහන්සේ නමක් වැඩසිටි ස්ථානයක් බවයි. ශරීර කෘත්‍ය වෙනුවෙන් භාවිත කළ ස්ථානය (වැසිකිළි වළක්) මේ අයුරින් කැණීමකට ලක් කර ඇති බැව්ද දඹුලු රජමහ විහාරයේ භාරකාර හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසූහ.

ඉනාමළුව - තිලක විජයසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad